නිමල් රාජපක්ෂ
කැනේඩියාවේ කැනඩාවේ ටොරොන්ටෝ සිට ඩුබායි හරහා එමිරේට්ස් ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 10:40 සිට මෙරටට පැමිණි 18 හැවිරිදි කැණේඩියානු තාන්තාවකගේ ගමන් මළුවල සගවා තිබු රුපියල් මිලියන 352.65 ක් රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
ඇගේ ගමන් මළු රේගු නිලධාරීන් පරික්ෂා කිරිිමේදි ගමන් මලු තුළ සඟවා තිබූ හෂිෂ් ග්‍රෑම් 35,265 (කිලෝග්‍රෑම් 35.265) ක් සොයා ගැනීමට සමත්වීඇත.
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් දැනට මූලික පරීක්ෂණ පවත්වනු ලැබේ. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සමඟ සැකකරු වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට (PNB) වෙත බාරදීමට නියමිතය..
