Spread the love

දේවින්දි පිණිදිය

දකුණු කොරියාවේ, ඉතාලියේ හා නවසීලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 50ක මුදලක් වංචාකළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අද දින (11/06) ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකාරිය ඉහත රටවල රැකියා ලබාදෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාගෙන ඇති අතර, පොරොන්දු වූ පරිදි රැකියා ලබානොදුන් බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත පැමිණිලි 8ක් ලැබී තිබුණි.

ඒ අනුව සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා  විමර්ශන නිළධාරීන් ඇයගේ නිවස වෙත ගියද, ඇය විමර්ශන නිළධාරීන් මගහරිමින් සිට තිබේ.

ඒ අතරතුර අදාළ කාන්තාව අද දින ගම්පහ ප්‍රදේශයේ ආයතනයක් තුළ ඊශ්‍රායල් රැකියා සදහා බඳවාගැනීමට සම්මුඛ පරීක්ෂණ පවත්වන බවට ලද තොරතුරක් අනුව, විමර්ශන නිළධාරීන් අදාළ ස්ථානය වෙත ගොස් ඇය අත්අඩංගුවට ගන්නා ලදී.

එම කාන්තාව කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, මීට පෙරද විදේශ රැකියා වංචාවන් සම්බන්ධයෙන් කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද සදහන් .