Spread the love

අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් එළැඹෙන 25වනදා (ඉරිදා) පෙ.ව. 8 සිට ප.ව. 8 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

මේ හේතුවෙන් කොළඹ නගරය ඇතුළව තදාසන්න ප්‍රදේශ රැසක ජනතාවට සිදුවන අපහසුතාව මගහරවා ගැනීමට අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා මෙන් ඉල්ලා සිටියි.  

ඒ අනුව කොළඹ 1 සිට 15 දක්වා කෝට්ටේ , කඩුවේල ,බත්තරමුල්ල, කොලොන්නාව , මුල්ලේරියාව , අයි.ඩී.එච් , මහරගම , දෙහිවල ,ගල්කිස්ස,රත්මලාන හා මොරටුව යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටවනු ඇත.