නිමල් රාජපක්ෂ
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය 2026 අගෝස්තු 4 වැනිදා පස්වරු 3.30ට නිකුත් කළ නිවේදනයකට අනුව, මීට පෙර කැලණි ගඟ ආශ්රිත ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් අවසන් කර තිබේ.
, 2026 අගෝස්තු 3 වැනිදා පස්වරු 1.30, පස්වරු 2.00 සහ පස්වරු 3.30 යන අවස්ථාවලදී නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම් මේ වන විට ඉවත් කර ඇති බවයි.
කෙසේ වෙතත්, ඉදිරි කාලයේ පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත්, වර්ෂාපතනයේ වෙනස්වීම් සහ ගංගා ජල මට්ටම් සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිපදින ලෙසත් ජනතාවට දැනුම් දී ඇත.
මෙම නිවේදනය වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල් වෙනුවෙන් ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතාගේ අත්සනින් නිකුත් කර ඇත.
