මාලන් විතාන
අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් දිස්ත්‍රික් මට්ටමින් ඇගයීම සඳහා ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනේ 2025 උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීමේ සබරගමුව පළාත් වැඩසටහන ඊයේ (01) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
රටේ අනාගත මානව සම්පත ලෙස ඔවුන් සිදුකර ඇති කැපවීම සහ ජයග්‍රහණ අගයමින් දිරිගැන්වීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර ඒ අනුව, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්හි 2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේදී එක් එක් විෂය ධාරාවෙන් ඉහළම ප්‍රතිඵල ලබාගත් සිසුන් විසිදෙනෙකු බැගින් මෙහිදී ඇගයීමට ලක් කෙරුණු අතර, එම සෑම සිසුවෙකුටම රුපියල් 100,000ක මූල්‍යාධාර සමග ඇගයීම් සහතික පත්‍රයක් පිරිනැමිණි.
මෙහිදී අදහස් දැක්වූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, “පළමුව රටේ ජනතාව” යන රජයේ ප්‍රතිපත්තිය අනුව අද වන විට ජනාධිපති අරමුදල ද ජනතාව වෙනුවෙන් පුළුල් කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවයි.
මෙතෙක් පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින්, ඉහළ විනයකින් යුතුව රට මෙහෙයවීමේ වගකීම උගත් හා බුද්ධිමත් පිරිසක් වෙත පැවරෙන පරිදි පාර්ලිමේන්තුව සකස් වී ඇති බවත්, නිදහස් අධ්‍යාපනයේ ප්රතිලාභ ලබන සිසු පරපුර දැනුමෙන් මෙන්ම යහගුණයෙන්ද පෝෂණය වී, තමන් ලැබූ දැනුම රටේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදාගැනීමටත්, අනාගත නායකත්වයේ වගකීම භාරගැනීමටත් පෙරට පැමිණිය යුතු බවත් කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.
