කළුතර බන්ධනාගාර තුළ රඳවා සිටින රැඳවියෙකුට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන ලබාදීම සඳහා කාන්තාවකට ආධාර අනුබල දුන්බව කියන බන්ධනාගාර ජේලර්වරයෙකු කළුතර උතුර පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි ජේලර්වරයෙකු බවද පොලීසිය පැවසීය.
පානදුර, හිරණ ප්‍රදේශයේ කාන්තාවක පසුගිය දිනක කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකුට අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින් සහ ජංගම දුරකථනයක් ලබාදීම සඳහා සූදානම්වීමේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
එම කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී සැකකාර ජේලර්වරයා රුපියල් 35,000ක මුදලක් ලබාගෙන ඇති බව හෙළි වී ඇත.
සැකකරු ජේලර්වරයා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, කළුතර උතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.
