බස්නාහිර සහ දකුණු පළාත් වෙරළබඩ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බවත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.
විශේෂයෙන් සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටී.
