සුනාමි ව්‍යසනය සිදුවී හෙටට (26) වසර 21ක් සපිරේ.
2004 වසරේ දෙසැම්බර් මස 26 වනදා ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත් ආශ්‍රිතව සිදු වූ ප්‍රභල භූ කම්පනයත් සමග ශ්‍රි ලංකාව ඇතුළු රටවල් රැසකට දරුණු සුනාමි තත්ත්වයක් හට ගැනුණි.
ආපදා තත්ත්වයන්ගෙන් මියගිය පිරිස් සිහිපත් කරමින් හෙට පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස් සිහිපත් කිරීම සදහා 2005 වසරේ සිට සෑම වසරකම දෙසැම්බර් මස 26 වනදා ජාතික සුරක්ෂිත දිනය ලෙස නම් කරමින් සැමරුම් උත්සව පැවැත්වෙන අතර මෙවර ජාතික සුරක්ෂිත දින සැමරුම් උත්සවය පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී හෙට පෙරවරුවේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
එමෙන්ම
