නිමල් රාජපක්ෂ-.
දිළිඳු පවුල් ලක්ෂ 20ක් සවිබලගැන්වීමේ Next Sri Lanka වැඩසටහනට සමගාමීව තරුණ තරුණියන් 50000ක් දෙස් විදෙස් රැකියාගත කිරීමේ රැකියා පුහුණු පූර්ණ ශිෂ්‍යත්ව 50000ක් පිරිනැමීමට අදාල නිපුණතාව පරික්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ අද(15) දින දිවයිනේ සියළුම ප්‍රදේශීය ලේකම් කාර්යාල වලදී සිදුකරන ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලී පන්නිලගේ මහතා පවසයි.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන මෙම වැඩ සටහන www.nextsrilanka.lk වෙබ් අඩස්විය ඔස්සේ අද උදෑසන වන විට ඒ සඳහා තරුණ තරුණියන් 15000කට වඩා වැඩි පිරිසක් ලියාපදිංචිව තිබේ. අද දිනට යෙදෙන ජාත්‍යන්තර තරුණ නිපුනතා දිනට සමගාමීව ඇරඹි මෙම සම්මුඛ පරීක්ෂණ ජුනි 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
දිවයිනේ සියළුම ප්‍රදේශවල තරුණ තරුණියන් විශාල උනන්දුවකින් මේ සඳහා සහභාගි වන බවයි නිළධාරීන් පවසන්නේ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලී පන්නිලගේ මහතාගේ සංකල්පයක් අනූව ක්‍රියාත්මක මම වැඩසටහ වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකරන ආයතනය යන රාජ්‍ය හා පෞද්ගලික ආයතන ඒකාබද්ධ වැඩසටහනක් ලෙසයි ක්‍රියාත්මක වන්නේ.
