නිමල් රාජපක්ෂ
ලංකා ඛනිජ තෙල් සංස්ථාව වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
නමුත් ප්‍රසම්පාදන කටයුතු හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පසුගිය කාලය තුළ වාහන අංක තහඩු නිකුත් නොකල අතර මේ හේතුවෙන් ඇතැම් වාහන හිමියන් විවිධාකාර අංක තහඩු භාවිතා කිරීමට පෙළඹී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.
එබැවින් වාහනයේ අනන්‍යතාවය නිවැරදිව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවේ දී වාහන ආදායම් බලපත්‍රය හෝ වාහනේ ලියාපදිංචි සහතිකය හෝ වාහන රක්ෂණ සහතිකය හෝ වාහන දුම් පරීක්ෂණ සහතිකය යන ලේඛන වලින් එකක් ඉදිරිපත් කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් වරයා ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.
