නිමල් රාජපක්ෂ-
ජනතා නියෝජිතයන් ලෙස ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සඳහා තේරීපත්වූ සියළු දෙනාට ජනතා අභිලාෂයන් ඉටු කිරීම සඳහා විශාල වගකීමක් පවතින බවග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි.
ඇමතිවරයා එසේ පැවසුවේ 2025 පළාත් පාලන මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ, කැලණිය ආසනයේ, කැලණිය ප්‍රාදේශීය සභාව සහ පෑලියගොඩ නගර සභාව සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරීපත් වූ මන්ත්‍රීවරු හා මන්ත්‍රීවරියන් දිවුරුම් දීම අද ( 02.) පෙරවරුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ හා බලශක්ති අමාත්‍ය ඉන්ජිනේරු කුමාර ජයකොඩි යන අයගේ ප්‍රධානත්වයෙන් කැලණිය ප්‍රාදේශී සභා ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණු අවස්ථාවේදීය.
ඒ අනුව කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස නීතීඥ සඳුන් යාපා මහතාද හා උප සභාපතිනිය ලෙස ලක්ෂිකා සුභාෂිණි මහත්මියද දිවුරුම් දෙන ලදි.
මෙහිදී අදහස් දැක්වු ආචාර්ය උපාලි පන්නිල ඇමතිවරයා , ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා සියළුදෙනා කැපවීමෙන් වැඩ කළ යුතු බවත්, කිසිවිටෙකත් ජනතාවගේ කැමැත්තට, ඔවුන්ගේ මතයට පරිබාහිරව කටයුතු කිරීමට කිවෙකුට හැකියාවක් නොමැති බවයි පැවසුවේ.
මෙම අවස්ථාවට කැලණිය ආසනයේ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.
