දන්සැල් ලියාපදිංචිය හරහා එම දන්සැල් පැවැත්විය යුතු ආකාරය පිළිබඳ සංවිධායකයන් දැනුවත් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ශානක බෝපිටියගේ මහතා පවසයි.
ඒ අනුව දන්සැල් පැවැත්වීමට පෙර දන් සැල් ලියාපදිංචි කිරීම අත්‍යාවශ්‍ය බවද පැවසුවේය.
ඒ හරහා දන් සැල් පැවැත්වෙන ස්ථානය පූර්ණ පරීක්ෂාවට ලක්කරනු ඇත.
එහිදී ජල සැපයුම,අමුද්‍රව්‍ය ,උපකරණ ඇතුළු අංශ කිහිපයක් පිළිබඳව දැඩි අවධානය යොමුකරන බව වැඩිදුරටත් පැවසුවේය.
