පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 04ක් මේවන විට වාන් දමමින් ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ වාරිමාර්ග ඉංජිනේරු එස්.පී.සී.සුගීශ්වර මහතා පවසයි.
ඒ අනුව උඩවළව ,අංගමුව,රාජාංගනය සහ පොල්ගොල්ල ජලාශ එලෙස වාන්දමමින් ඇතිබවද පැවසුවේය..
වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන සියලු ජලාශ වල සමස්ත ජල ධාරිතාව මේවන විට 75% ඉක්මවා පවතියි.
මේ අතර මේවන විට අත්තනගලු ඔය දූන මලේ ප්‍රදේශයෙන් අවදානම් මට්ටමට ළඟාවී ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හෙතුවෙන් මේ පිළිබඳව අත්තනගලු ඔය දෙපස ජනතාව වඩාත් විමසිල්ලෙන් සිටීම ඉතා වැදගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
