මෙවර දළදා ප්‍රදර්ශනයේ දී ප්‍රභූ පෝලිම් කිසිවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.
නමුත් එතන ඉන්නා පිරිස් එක්වී එවන් පෝලිමක් සාදාගෙන ඇති බවද ඔහු පැවසීය.
ඒ සඳහා දියවඩන නිලමේතුමාගේ ද යම් සම්බන්ධයක් ඇති බවට තොරතුරු හෙළිවන බවත් හෙතෙම සදහන් කලේය.
එම පෝලිමෙන් තම තමන්ගේ හිතවත්තු යැවීමට පටන් ගෙන තිබූ බවත් පරණ පුරුදු තවම පවත්වාගෙන යන බවත් ඔහු චෝදනා කළේය.
ඒ අනුව එම තත්ත්වයද කතාබහ කර නැවැත්වීමට සිදුවූ බවත් හෙතෙම ජාතික ජන බලවේගය ජන හමුවක් අමතමින් කියා සිටියේය
