Spread the love

නිමල් රාජපක්ෂ

නගරාන්තර දුම්රිය ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අසළ පීලි පැනීමත් සමගින් උඩරට මාර්ගයේ දුර ගමන් සේවා දුම්රිය ගමන්වාර 07 ක් අද දිනයේ අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුවපවසයි.

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ පිලී පැනීමකට ලක්වී ඇතත් එම ප්‍රදේශයේ පවතින අධික වර්ශාව හා එම පිළී පැනීමට ලක්වූ ස්ථානය වෙත ලගා වීමේ දුෂ්කරතා මතුව තිබේ. මේ හේතුව නිසා පිලී ගත කිරීමේ කටයුතු සඳහා යම් දිගු කාලයක් ගතවනු ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

එම පිලී පැනීම හේතුවෙන් කොළඹ කොටුව සිට මහනුවර,මාතලේ හා බදුල්ල බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය ගමන් වාර 03 ක් හා මහනුවර,මාතලේ හා බදුල්ල සිට කොළඹකොටුව හා බෙලිඅත්ත බලා ධාවනය වන දුම්රිය ගමන් වාර 4 ක් ද ඇතුළුව දුම්රිය ගමන් වාර 07ක් දැනට අවලංගු කිරීමට කටයුතු කොට ඇත.

අවලංගු වන දුම්රිය කාලසටහන

📍05.50 කොළඹ කොටුව සිට බදුල්ල

📍07.00 කොළඹ කොටුව සිට මහනුවර ( නගරාන්තර සීඝ්‍රගාම…
📢 බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.30 ට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය මහනුවර දුම්රිය ස්ථානය දක්වාඇද දින ධාවනය කිරීමට ද සැලසුම් කොට ඇත.