නිමල් රාජපක්ෂ
අද පෙරවරුවේ කොටුව හා මරදාන අතර පිලි පැන තිබු සමුද්‍රදේවී සීඝ්‍රගාමී දුම්රියේ පිලි පැන ඇති දුම්රිය මැදිරිය ඉතිරි වන්නට අනික් මැදිරි සියල්ල උදේ 10.00 වනවිට ට ඉවත්කොට දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කොට ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
මෙසේ පීලි පැනීම හේතුවෙන් අද පෙරවරු 8.30 බදුල්ල බලා ධාවනය වීමට තිබු උඩරට මැණිකේ දුම්රිය පෙරවරු 10.30 පමණ ගමන් ඇරඹා තිබේ.
එම දුම්රිය කොටුව දුම්රිය ස්ථානයේ 2 වැනි වේදිකාවේ තිබු බැවින් පැය දෙකක් පමණ ප්‍රමාදවී ධාවනය කෙරිණ. පීලිපැන තිබු දුම්රියේ පිලි පැන්න මැදිරිය හැරෙන්නටය දුමරිය එංජිම හා මැදිරි ඉතිරි මැදිරි ඉවත් කිරීම නිසා පැය දෙකක් පමණ ප්‍රමාද වී උඩරට මැණිකේ දුම්රිය ගමන් ඇරඹීය.
කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 9.45 ට බදුල්ල බලා ධාවනය වීමට තිබු දුම්රිය 3වන වේදිකාවේ නතර කර තිබීම හේතුවේන් 8.30 ධාවනය කිිරීමට තිබු උඩරට මැණිකේ දුම්රියට ප්‍රථමයෙන් පෙරවරු 10.10 පමණ බදුල්ල බලා ධාවනය කල බව දුමරිය දෙපාර්තුවේ ජේෂ්ඨ නිලධාරියකු පැවසුවේය.
මේ වනවිට කොටුව දුම්රිය ස්ථානයට ප්‍රධාන මාර්ගයේ හා පුත්තලම් මාර්ගයේ සියළුම දුම්රියයන් ධාවනය කිරිමට කිසිදු ගැටලුවන් නොමැති බවද පැවසුවේය .
සමුද්‍රෙද්වි දුම්රියේ පීලිපැන තිබෙන මැදිරිය යළි පීලි ගත කිීරිම සදහා මේ වනවිට දොඹරකය එම ස්ථානයට යවා ඇති අතර මාර්ග හා කර්මාන්ත අංශයයේ නිලධාරින් මේ වනවිට පිලි ගත කිීරීම සිදු කරන බැවින් අද දහවල් වනවිට දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කරන බවද අදාල නිලධාරියා වැඩි දුරටත් පැවසුවේය.
මේ හේතුව නිසා කාර්යාල බලා ගමන් ගන්නා මගීන් දැඩි සේ දුෂ්කරතාවයට පත්වුහ . බොහෝ මගීන් වරු ගණන් දුම්රියයන් තුළට වී සිටීමට සිදුවීම හේතුවෙන් කාර්යාල වලින් රතුඉර වදින බවට මැසිවිලි නැගුහ.්
