Spread the love


නිමල් රාජපක්ෂ

මරදාන දුම්රිය ස්ථානයේ පොලිස් නිලධාරීයකු ලෙස රගපාමින් මගින්ගේ මුදල් කොල්ල කන සැකකරුවකු අද (31) දහවල් මරදාන දුම්රිය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ව්‍යාජ පොලින් නිලධාරීයා මරදාන දුම්රිය ස්ථානයේ 1,2,3 , 4 හා 5 යන වේදිකාවල ගාඩර් එක් උඩට වී දුම්රිය ස්ථානයේ තනිවම සිටින පුද්ගලයන් ගාඩර් එක උඩට ගෙන්වා ඹවුන්ගේ හැදුනුම් පත් .මුදල් පසුම්බි පරික්ෂාකිරිමේ ජාවාරමක නිරත වී තිබේ.
එහිදි හැදුනුමපත ආපසු ලබාදී මුදල් සියල්ල ව්‍යජ පොලිස් නිලධාරියා කොල්ල කෑමේ ජාවාරම කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇතැයිද දුම්රිය ආරක්ෂක නිලධාරීන් පවසයි.මෙවැනි මුදල් කොල්ල කෑමේ ජාවාරම කාලයක් තිස්සේ කරගනෙ යන පුද්ගලයකු බවත් එවැනි පැමිණිලි නිතර ලැබෙන බවත් දුම්රිය ආරක්ෂක නිලධාරින් පවසයි.

අද දහවල් 12.30 පමණ අදාල ව්‍යාජ පොලිස් නිලධාරියා 1 වන වේදිකාවේ ගාඩර් එක උඩවි වේදීකාවේ කොනක හොරෙන් දුම්වැටියක් අදින පුද්ගලයකු ගාඩර් එක උඩට ගෙන්වා තමන් පොලිසියෙන් බවත් දුම්රිය වේදිකාවේ දුම්වැටි අදින්න බැරිබව දන්නැද්ද කියා මෙම මගීයාව බිය ගන්වා පරික්ෂා කොට ඹහු සතුව තිබු රුපියල් 12.000/මුදලයි හැදුනුම් පතයි අරගෙන තිබේ .
පසුව හැදුනුම් පත ආපසු ලබාදි වේදිකාවට එන්න කියා අදාල පුද්ගලයා වේදිකාවට යන අතරේ මෙම සැකකරු වෙනත් දුම්රියකට ගොඩවී මාරුවිි ගොස් තිබේ.
මෙසේ අකරතැබ්බයට පත් පුද්ගලයා මරදාන දුම්රිය ආරක්ෂක හමුදාවට පැමිණිලි කිරීමෙන් පසු වහාම ක්‍රියාත්මක වු දුම්රිය ආරක්ෂක නිලධාරීන් සී.සී.ටී.වී පරික්ෂාකො ට දියත් කල මෙහෙයුමේදී ව්‍යාජ පොලිස් නිලධාරියා දුම්රිය ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන මාංජු දමා තිබේ. ව්‍යාජ පොලිස් කාරයා පරික්ෂා කිරිමේදී කොල්ලකන ලද රුපියල් 12.000/මුදල සොයා ගෙන තිබේ.සැකකරු අවුරුදු 45 පමණ වයසැකි කොළඹ සංඝරාජමාවතේ පදිංචි කරුවක් බවත් අනාවරණය කරගෙන තිබේ.

පසුව දුම්රිය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගත් සැකකරු මුදල් ද සමගින් වැඩි දුර පරික්ෂණ පැවැත්විම සදහා මරදාන පොලීසියට බාරදී ඇත.
දුම්රිය ආරක්ෂක හමුදා අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත ,මරදාන දුම්රිය ආරක්ෂක හමුදාවේ ස්ථානාධිපති ප්‍රදිප් ජයතිලක මහතා හා කාන්තා ආරක්ෂක නිලධාරිනී සිතාරි නදීකා දේදුනු , ආරක්ෂක නිලධාරි කල්ප කුලරත්න යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.