Spread the love

පරිසර සතියට සමගාමීව උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගී ප්‍රවාහන දුම්රියවල ගමන් ගන්නා දුම්රිය මගීන්ව සහ දුම්රිය ස්ථානවල රැදීසිටි මගීන්ව දැනුවත් කිරිමේ වැඩසටහනක් වටවල පොලිසියෙ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්දන ගමගේ මහතා ඇතුලු එම පොලිසියේ නිළධාරින් කටයුතු කෙරිණ.

නාවලපිටිය දුම්රිය දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයාගේද සහයෝගයෙන් වටවල කුයිල්වත්ත දම්ළ මහ විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ සහ ගිනිගත්හේන විශ්වකලා පදනමේ සාමාජිකයන්ගේ සහයෝගය ඇතිව වටවල දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩ වී එම දුම්රියේ ගමන් ගන්නා මගීන්ට අත්පත්‍රිකා බෙදාදෙමින් සහ පරිසරය රැකීම සම්බන්ධයෙන් විරිදු ගායනයෙන් මගීන්ව දැනුවත් කරමින් මෙම වැඩසටහන දියත් කෙරින.

දුම්රියෙන් ගමන් ගන්නා ඇතැම් මගීන් දුම්රියේදි ආහාර පාන ගෙන එහි ඉවතලන වතුර බෝතල් ඇතුලු අපද්‍රව්‍ය දුම්රිය මාර්ගය දෙපසට බැහැර කිරිම තුලින් සිදුවන විශාල පරිසර හානිය අවම කර ගැනීම සදහා දුම්රිය මගීන්ව මෙසේ දැනුවත් කිරිමට පියවර ගත් බවයි වටවල පොලිසියෙ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන ගමගේ මහතා කියා සිටියේ.

දුම්රියෙන් ගමන් ගන්නා මගීන්ගෙන් සිදුවන පරිසර හානිය අවම කර ගැනීමට වටවල පොලිසිය මගින් සිදු කල දැනුවත් කිරිමේ වැඩසටහන අගය කල යුතු වැඩසටහනක් බවයි දුම්රිය මගීන්ද කියා සිටියේ.