Spread the love

නිමල් රාජපක්ෂ –

දුම්රිය බලධාරීන් හමුදා නිලධාරින්20- දෙනෙකුට දුම්රිය රියදුරු පුහුණුව ලබා දීමට විරෝධය පාමින් අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය රියදුරන් සියළුම සේවාවාරවලින් ඉවත්වී විසදුමක් ලැබෙන තුරු වර්ජනයනක නිරතවන බව දුම්රිය රියදුරු සංගමයේ ලේකම් දිමුතු එදිරිසිංහ මහතා පවසයි
මෙම තීරණය ගෙන ඇත්තේ ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිවරයා සමග අද(17) ප්‍රවාහන අමාත්‍යංශයේ පැවැති සාකච්ජාවක් අසාර්ථක වීමෙන් පසුව බවද පැවසුවේය.
දුම්රිය රියදුරු ශ්‍රේණියට අලුතින් බදවා ගත් රියදුරු මහතුන්හට පුහුණුව ලබා දෙන අතරවාරයේ යුධ හමුදාවේ 20 දෙනෙකුටද දුම්රිය රියදුරු පුහුණුව ලබාදීමට අදාල බලධාරීන් සුදානම්ව සිටියදී එයට විරෝධය පාමින් මෙම වර්ජනය දියත් කල බවද දිමුතු එදිරිසිංහ මහතා කීවේය.
හෙට(18) දිනයේ දුම්රිය ධාවනය නොවක බැවින් රැකියා සදහා යන ජනතාවට දුම්රියේ ගමන් කිරීමට දුම්රිය ස්ථානවලට නොයන ලෙසත් වෙනත් විකල්ප මාර්ග භාවිතා කොට රාජකාර සදහා ගමන් කරන ලෙසත් මගි ජනතාවට සිදු වන අපහසුතාවය පිළිබදව සිය කණගාටුව පලකරන බවත් දිමුතු එදිරිසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය