Spread the love

මීගහකිවුල, අරාව පාර ප්‍රදේශයේ පිහිටි දේවාලයකට අද (07) සවස එල්ල වූ ගල් මුගුරු ප්‍රහාරයකින් දේවාලයේ කපුවාගේ බිරිඳ, තරුණ දරුවෙකු සහ අසල්වැසි කාන්තාවක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇති බව කන්දකැටිය පොලිසිය පවසයි.

සිද්ධියෙන් රෝහල්ගත කර ඇත්තේ අරාවපාර, කුඩුමිරිස්කැටිය ප්‍රදේශයේ පිහිටි ඊෂ්වර දේවාලයේ කපුවාගේ බිරිඳ, 17 හැවිරිදි දරුවෙකු සහ අසල්වැසි කාන්තාවක්.

දේවාලය හිමි පවුලේ උදවිය සහ අසල්වැසියන් අතර දීර්ඝ කාලයක සිට අමනාපකම් පැවතුණ බවත්, මීට පෙරද කිහිප අවස්ථාවකදීම මොවුන් ගුටිබැට හුවමාරු කරගෙන රෝහල් ගතවී ඇති බවත්, පොලිසිය මගින්ද ඔවුන්ට අවස්ථා කිහිපයකදීම අවවාද කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.