Spread the love

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් සිටී.

10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (21) උදෑසන 10ට ආරම්භ වූ අතර කථානයකවරයා විසින් තාවකාලිකව පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවනු ලැබුහ.

ඉන් අනතුරුව ජනාධිපතිවරයාව පාර්ලිමේන්තු සභාගර්භය වෙත උදෑසන 11.30 කැඳවාගෙන එනු ලැබූ අතර මේ වනවිට ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය.

සියලු ජනතාව තමා ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබා ලබාදුන් විශ්වාසයට ස්තූතිවන්ත වෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී රට ලෙස ශ්‍රී ලංකාව තුළ තනි පක්ෂයක් රට පාලනය කිසිවිටෙකත් අපේක්ෂා නොකරන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

එනිසා සියලු පුරවැසියන්ගේ උවමනාවන් ඉටුකිරීමට බැඳී සිටින බවත් ඒ සඳහා වග වෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනතාවගේ වගකීම මේ වනවිට ඉටුකර අවසන් බවත් මේ මොහොතේ සිට ජනාධිපතිවරයා වශයෙන් තමා ජනතාවගේ වගකීම සම්පූර්ණයෙන් භාරගන්නා බවත් මැතිවරණ ව්‍යාපාරයෙන් එක් අරමුණක් වෙනුවෙන් අපි ගොඩනැගුණු බව පසක් කර අවසන් බව ද පැවසු ජනාධිපතිවරයා යළි අපේ රටේ ජාතිවාදී දේශපාලනයට ඉඩක් නොමැති බව ද පැවසීය.

එමෙන්ම කවර ආකාරයේ හෝ ආගමික අන්තවාදයකට හිස එසවීමට ඉඩක් නොමැති බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

හැබැයි කිසිවෙකුට අපේ රටේ යළි දේශපාලන බලය අත්පත් කරගැනීම වෙනුවෙන් ජාතීවාදී, ආගම්වාදී, සටන්පාඨ ගොඩනැගීමට ඉඩ නොදෙන බව මම ඔබට සහතික කරන බවද පැවසුවේය.

සියලුදෙනාම මහජන නියෝජිතයින් නම් පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වන සියල්ල ජනතාව දැනගත යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ශක්තිමත් රාජ්‍ය සේවයකින් තොරව කිසිවිටෙකත් රටට ඉදිරියට යා නොහැකි බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

අපි විශ්වාස කරනවා කාර්යක්ෂම රාජ්‍ය සේවයක්, මහජනයාගේ හිත සුව පිණිස වැඩ කරන රාජ්‍ය සේවයක් මේ රටේ යළි ස්ථාපිත කළ යුතුයි. ඒ සඳහා මා හිතනවා රාජ්‍ය සේවයකයින් තුළින්ම ප්‍රබල ජනවරමක් අපිට ලබාදී තිබෙනවා. ඒ පිළිබඳ අපි අවධානය යොමු කර බවද පැවසුවේය.

සෑම පුරවැසියෙක්ම තමන්ගේ ආගම, සංස්කෘතිය හා භාෂාව අනුව හුදකලා විය යුතු නැති බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.