Spread the love

නිමල් රාජපක්ෂ –

අප්‍රේල් මස 15 වන දින සිට යතුරුපැදි, අත්ට්‍රැක්ටර්, ට්‍රැක්ටර්, ත්‍රීවිල් හැර අනෙකුත් සියලුම මෝටර් වාහන නව ලියාපදිංචියකදී TIN අංකය අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ද වීරසිංහ මහතා පවසයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමෙන් ඔබට TIN අංකය ලබාගත හැකි අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට එය ඉදිරිපත් කිරීමේදී විධිමත් දිවුරුම් ප්‍රකාශයක් සමඟ තහවුරු කළ යුතු බවද වැඩි දුරටත් පැවසුවේය.