නිමල් රාජපක්ෂ –
‘‘දිට්වා ‘‘සුළි කුණාටුවෙන් හානිවු උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල හා නානුඹය අතර දුම්රිය මාර්ගය යළ පිළිසකර කොට හෙට(20) සිට විශේෂ දුම්රිය කාලසටහනක් යටතේ බදුල්ල දක්වා දුම්රිය ධාවනය සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
“දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් අඹේවෙල – නානුඔය අතර දුම්රිය මාර්ගයේ සැතපුම් 134 දම්වැල් 78 ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය අඩි 65 ක් ගැඹුරට, අඩි 100 පළලට සහ අඩි 120 දුරට සේදී යාම සිදුවිය.
කඳු බෑවුම් සහිත තත්ත්වය ,එම ප්‍රදේශයට ළඟාවීම සඳහා විකල්ප සැපයුම් මාර්ග නොමැතිවීම, පවතිත අයහපත් දේශගුණික තත්වය හා අවශ්‍ය යන්ත්‍රෝපකරණ සහ අමුද්‍රව්‍ය දුම්රිය මගින්ම ප්‍රවාහනය කිරීමට සිදුවීම යන අභියෝග මධ්‍යයයේ සියළු ප්‍රතිසංස්කරණ කටයුතු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සමග එක්ව දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුව විසින් සිදුකර මාර්ගය ධාවනයට සුදුසු තත්ත්වයට මේ වනවිට පත්කර ඇත.
ඒ අනුව මෙතෙක් බදුල්ල සිට අඹේවෙල දක්වා ධාවනය කල දුම්රිය ධාවනය, දෙස් විදෙස් සංචාරකයින් අතර ආකර්ෂණිය දුම්රිය ස්ථානයක් වන නානුඔය දුම්රිය ස්ථානය දක්වා 2026/06/20 දින එනම් හෙට සිට පහත පරිදි ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර ඇත.
[1] 1005/1006 විශේෂ දුම්රිය
| නානුඔය/ බදුල්ල (1005) දිනපතා ධාවනය වේ. | බදුල්ල/ නානුඔය (1006) දිනපතා ධාවනය වේ. | ||
| දුම්රිය ස්ථානය | පිටත්වන වෙලාව | දුම්රිය ස්ථානය | පිටත්වන වෙලාව |
| නානුඔය | පෙ.ව. 09.00 | බදුල්ල | ප.ව.03.00 |
| අඹේවෙල | පෙ.ව. 09.30 | දෙමෝදර | ප.ව.03.37 |
| පට්ටිපොළ | පෙ.ව. 09.38 | ඇල්ල | ප.ව.03.52 |
| ඔහිය | පෙ.ව. 09.53 | බණ්ඩාරවෙල | ප.ව.04.23 |
| ඉදල්ගස්හින්න | පෙ.ව. 10.12 | දියතලාව | ප.ව.04.37 |
| හපුතලේ | පෙ.ව. 10.28 | හපුතලේ | ප.ව.04.49 |
| දියතලාව | පෙ.ව. 10.40 | ඉදල්ගස්හින්න | ප.ව.05.05 |
| බණ්ඩාරවෙල | පෙ.ව. 10.56 | ඔහිය | ප.ව.05.24 |
| ඇල්ල | පෙ.ව. 11.27 | පට්ටිපොළ | ප.ව.05.39 |
| දෙමෝදර | පෙ.ව. 11.41 | අඹේවෙල | ප.ව.05.47 |
| බදුල්ල | ප.ව. 12.16 | නානුඔය | ප.ව.06.06 |
[2] 1015/1016 විශේෂ දුම්රිය
| නානුඔය/ බදුල්ල (1015) බදාදා දින ධාවනය නොවේ. | බදුල්ල/ නානුඔය (1016) බදාදා දින ධාවනය නොවේ. | ||
| දුම්රිය ස්ථානය | පිටත්වන වෙලාව | දුම්රිය ස්ථානය | පිටත්වන වෙලාව |
| නානුඔය | ප.ව.02.30 | බදුල්ල | පෙ.ව. 09.00 |
| අඹේවෙල | ප.ව.03.00 | දෙමෝදර | පෙ.ව. 09.37 |
| පට්ටිපොළ | ප.ව.03.08 | ඇල්ල | පෙ.ව. 09.52 |
| ඔහිය | ප.ව.03.23 | බණ්ඩාරවෙල | පෙ.ව. 10.23 |
| ඉදල්ගස්හින්න | ප.ව.03.42 | දියතලාව | පෙ.ව. 10.37 |
| හපුතලේ | ප.ව.03.58 | හපුතලේ | පෙ.ව. 10.49 |
| දියතලාව | ප.ව.04.10 | ඉදල්ගස්හින්න | පෙ.ව. 11.05 |
| බණ්ඩාරවෙල | ප.ව.04.26 | ඔහිය | පෙ.ව. 11.24 |
| ඇල්ල | ප.ව.04.57 | පට්ටිපොළ | පෙ.ව. 11.39 |
| දෙමෝදර | ප.ව.05.11 | අඹේවෙල | පෙ.ව. 11.47 |
| බදුල්ල | ප.ව.05.46 | නානුඔය | ප.ව. 12.16 |
[3] 1043/1044 ඇල්ල ODYSSEY විශේෂ දුම්රිය
| නානුඔය/ බදුල්ල (1043) බදාදා දින පමණක් ධාවනය වේ. | බදුල්ල/ නානුඔය (1044) බදාදා දින පමණක් ධාවනය වේ. | ||
| දුම්රිය ස්ථානය | පිටත්වන වෙලාව | දුම්රිය ස්ථානය | පිටත්වන වෙලාව |
| නානුඔය | ප.ව.01.00 | බදුල්ල | පෙ.ව. 07.45 |
| අඹේවෙල | ප.ව.01.32 | දෙමෝදර | පෙ.ව. 08.19 |
| පට්ටිපොළ | ප.ව.01.42 | ඇල්ල | පෙ.ව. 08.43 |
| ඔහිය | ප.ව.01.56 | බණ්ඩාරවෙල | පෙ.ව. 09.11 |
| ඉදල්ගස්හින්න | ප.ව.02.14 | දියතලාව | පෙ.ව. 09.27 |
| හපුතලේ | ප.ව.02.29 | හපුතලේ | පෙ.ව. 09.39 |
| දියතලාව | ප.ව.02.40 | ඉදල්ගස්හින්න | පෙ.ව. 10.15 |
| බණ්ඩාරවෙල | ප.ව.02.55 | ඔහිය | පෙ.ව. 10.33 |
| ඇල්ල | ප.ව.03.21 | පට්ටිපොළ | පෙ.ව. 10.47 |
| දෙමෝදර | ප.ව.03.39 | අඹේවෙල | පෙ.ව. 11.00 |
| බදුල්ල | ප.ව.04.12 | නානුඔය | පෙ.ව. 11.29 |
ඉහත සෑම දුම්රියකම, පළමු පංතියේ (වායු සමනය කල) සහ දෙවන පංතියේ ආසන වෙන්කිරීමේ පහසුකම සහිත මැදිරි පවතින අතර, https://seatreservation.railway.gov.lk යන සබැඳිය ඔස්සේ හෝ ආසන වෙන්කිරීමේ පහසුකම සලසා ඇති දුම්රිය ස්ථානයකට පැමිණීමෙන් හෝ මෙම දුම්රියන් වල ආසන වෙන්කරවා ගැනීමේ පහසුකම් සලසා ඇත.
ගමන ආරම්භක හෝ ගමන අවසාන දුම්රිය ස්ථානය ලෙස අඹේවෙල දුම්රිය ස්ථානය ලෙස සඳහන් මේ වනවිටත් ලබාගෙන ඇති වෙන්කළ ආසන ප්‍රවේශ පත්‍ර ම භාවිතා කර නානුඔය සිට ගමන් ආරම්භ කිරීමට හෝ නානුඔය දුම්රිය ස්ථානයෙන් තම ගමන අවසන් කිරීමට අවසර ඇත.
