නිමල් රාජපක්ෂ-
හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී හා න්‍යෂ්ටික උපද්‍රව අවස්ථාවන්හිදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා වූ පෙරහුරු අභ්‍යාසයක්, ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ත්‍රීකුණාමලය මහ රෝහල් පරිශ්‍රය ආශ්රිත ප්‍රදේශයේදී පසුගියදා ( 21) සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
මෙම පෙරහුරුව සඳහා කොමදෝරු අධිකාරී තටාකංගණය (නැගෙනහිර) හී ඉංජිනේරු අංශයට අයත් මෑතකදී විශේෂ පුහුණුව ලැබූ කාන්තා නාවික පුද්ගලයින් දස දෙනෙකුගෙන් (10) සමන්විත නැගෙනහිර නාවික විධානයේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී හා න්‍යෂ්ටික ඒකකය සහභාගී වූ අතර, නාවික හමුදාව තුළ ස්ථාපිත කරන ලද ප්‍රථම කාන්තා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී හා න්‍යෂ්ටික කණ්ඩායම ලෙස ඔවුන් මෙම පෙරහුරුවට එක්වීම නාවික හමුදාවේ විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී හා න්‍යෂ්ටික ඒකකය හා එම ඒකකයට අයත් කාන්තා කණ්ඩායම සහ නාවික හා සාගරික විද්‍යපීඨයේ පුහුණුවන වෛද්‍ය අංශයේ නාවිකයින් එක්ව සංවිධානය කරන ලද මෙම පෙරහුරු අභ්‍යාසය සඳහා, ප්‍රායෝගික පුහුණු සැසියක් ඇතුළත් විය. මෙම පුහුණු වැඩසටහන සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, යුද්ධ හමුදාව, පොලීසිය, ත්‍රිකුණාමලය නගර සභා ගිනි නිවීමේ හා ගලවා ගැනීමේ ඒකකය, 1990 සුව සැරිය ගිලන් රථ සේවය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල නියෝජනය කරමින් නිලධාරින් හා කාර්යමණ්ඩල සාමාජිකයන් සහභාගි වුහ.
හදිසි රසායනික ආපදා තත්ත්වයකදී බහු පුද්ගල ජීවිත හානි සිදුවිය හැකි අවස්ථාවන්ට සාර්ථකව මුහුණදීම සඳහා අන්තර් ආයතනික සූදානම, සිදුවීම් කළමනාකරණය හා පාලනය, හදිසි වෛද්‍ය ප්‍රතිචාර, තුවාලකරුවන් කළමනාකරණය සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ හැකියාවන් වැඩිදියුණු කිරීම මෙම පෙරහුරුවේ ප්‍රධාන අරමුණ විය. එහිදී, හදිසි රසායනික උපද්‍රවයකදී අදාල ආරක්ෂිත උපාංග සහ උපකරණ නිසි ලෙස හැසිරවීම, පුද්ගලයින් ආරක්ෂිතව ඉවත් කිරීම, හදිසි වෛද්‍ය ප්‍රතිචාර, අනතුරු කළමනාකරණය, අන්තරායදායක රසායනික සංයෝග ආරක්ෂිතව බැහැර කිරීමේ ක්රමෝපායන් පිළිබඳ සහභාගීවූවන් ප්‍රායෝගික නිදර්ශකයක් මඟින් දැනුවත් කරනු ලැබීය.
තවද, බහු ආයතන සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම පෙරහුරුව තුළින් හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී හා න්‍යෂ්ටික ආපදා තත්ත්වයකදී ඒකාබද්ධව ක්‍රියා කිරීමේ හැකියාව, මෙහෙයුම් සූදානම සහ එවැනි අනතුරු සඳහා කඩිනම් හා ඵලදායී ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව වුදාවනු ඇත.
