Spread the love

මාලන් විතාන —

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම නරුවිලික්කුලම් සහ වන්කා‍ලෙයි වෙරළ ප්‍රදේශ ආවරණය වන පරිදි 2026 අගෝස්තු මස 24 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන ලදැයි සැක කෙරෙණ  වියළි ඉඟුරු තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා පුස්සදේව ආයතනය විසින් සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නරුවිලික්කුලම් සහ වන්කා‍ලෙයි වෙරළ ප්‍රදේශ තුල තිබූ සැකකටයුතු උර දෙකක් (02) පරීක්‍ෂාවට ලක්කෙරිණි.

එහිදී, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් එම වෙරළ ප්‍රදේශයන්හි අතහැර දමා යන ලදැයි  සැකකෙරෙන වියළි ඉඟුරු කිලෝග්‍රෑම් දෙසිය හතලිහකට (240) අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන, මෙලෙස ඉදිරි නීතිමය කටයුතු සඳහා මුරුන්කන් සහ වන්කාලෙයි පොලිස් ස්ථාන වෙත භාර දීමට කටයුතු කෙරිණි.