Spread the love


නිමල් රාජපක්ෂ-
දුම්රිය නියාමකවරුන් අද (14) මධ්‍යම රාත්‍රිෙය් සිට වෙන්කල ආසන සහිත දුම්රිය ධාවන රාජකාරිවලින් ඉවත්වී, දියත් කිරීමට තිබු වර්ජනය අත්හිටවු බව දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් කේ.ඩී.ඩී ප්‍රසාද් මහතා පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා සමග පැවති සාකච්ජාවෙන් පසු යහපත්ප්‍රතිචාර ලැබුණු බවද පැවසුවේය.

ඒ අනුව වෙන්කල ආසන සහිත දුම්රිය වල ගමන් කිරීම සදහා ජාතික හැදුනුම් පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය සහිතව දුම්රිිය ප්‍රවේශපත්‍රය ගත් මගියා සමගින් තවත් මගීන් හතර දෙනෙකුට ගමන් කල හැකි බවට තීරණය විය. වෙන්කල ආසන සහිත දුම්රියවල පැවැත්වීමට යන ප්‍රවේශපත්‍ර මාෆියාවට ඉඩ නොතබන බවත් ජාතික හැදුනුම්පත් අංකය හිමි මගියා අනිවාර්යයෙන්ම වෙන්කල ආසන සහිත දුම්රියේ ගමන් කලයුතු බවත් එසේ නොමැති වුවහොත් අනික් මගීන්ටද එම දුම්රියේ ගමන් කිරීමට නොහැකි බවත් තීරණය කළේය .
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග පැවැති සාකච්ජාවේදී දුමරිය නගා සිටුවීමට යහපත් නීන්ද තීරණ ගත් බැවින් ඊයේ මධ්‍යම අද පැවැත්වීමට තිබු වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හල බවද ප්‍රසාද් මහතා වැඩි දුරටත් පැවසුවේය.