Spread the love

කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ සාදයක් වටලා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග තරුණියක් ඇතුළු 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර තිබූ සාදයක් වටලා මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඔවුන් සතුව තිබී ගංජා, විදෙස් රටවල නිෂ්පාදිත දුම්වැටි සහ මත්පෙති සොයාගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22ත් 27ත් අතර වයසේ පසුවන තරුණ තරුණියන් බව පොලීසිය සඳහන් කළේය.

ඔවුන් අද (27) කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.