දිට්වා’ ස්වභාවික ආපදා තත්ත්වයෙන් කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ නිවාස හා දේපල රැසකට හානි සිදුවිය. සිදු වූ සියළුම හානි සදහා කඩිනම් වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් ප්‍රදේශීය ලේකම්වරයාගේ මූලිකත්වයෙන් ආරම්භ කරනු ලැබීය. ඒ යටතේ අර්ධ හානි සිදුවූ නිවාස ප්‍රතිසංස්කරණය කරගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක හානිපූර්ණ වන්දි ගෙවීමට පියවර ගත් අතර, එම මුදල ලක්ෂ තුනක් සහ ලක්ෂ දෙකක් වශයෙන් අදියර දෙකක් යටතේ ලබාදීමට කටයුතු ආරම්භ කෙරිණ. ඒ යටතේ කොලොන්නාව ආසනයේ නිවාස හානි වූ තවත් නිවාස හිමියන් 781 දෙනෙකු සදහා වන්දිවලට අදාල චෙක්පත් ප්‍රදානය කොලොන්නාව සංවර්ධන කමිටු සභාපති, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණ.
කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ කොලොන්නාව පුරාණ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් හානිපූර්ණ චෙක්පත් ප්‍රදානය සිදුකෙරිණ.
කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 18 ක ජනතාවට මේ යටතේ චෙක්පත් ප්‍රදානය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකල අතර, ඊට අංක 505 සී කොටිකාවත්ත බටහිර, 502 උඩුමුල්ල උතුර, 505 කොටිකාවත්ත නැගෙනහිර, 510 බී කුරුණියාවත්ත, 513 ඒ මෙගොඩ කොලොන්නාව, 507 වෙන්නවත්ත, 508 ඒ වෙලේවත්ත, 503 ඒ මුල්ලේරියාව දකුණ, 504 කැලණිමුල්ල, 501 මුල්ලේරියාව උතුර, 501 ඒ අඹතලේ, 504 ඒ බැලගම, 505 ඒ මල්පුර, 505 බී ගොතටුව නව නගරය, 509 ඒ සේදවත්ත, 513 ඩී බෝපැත්ත, 506 බී බටලන්දහේන, 508 කිත්තම්පහුව යන ග්‍රාම නිලධාරි වසම් ඇතුලත් විය.
ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි, සමෘද්ධි නිලධාරි ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගෙන් සැකසුණු ග්‍රාමීය කමිටු නිර්දේශ මත පූර්ණ විනිවිදභාවයෙන් යුතුව සුදුසුම නිවාසලාභියා සදහා මෙම වන්දි පරිනැමීම අදියරෙන් අදියර ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අනුව මේ වනවිට පවුල් 3060 ක් පදිංචි නිවාස වෙනුවෙන් අර්ධහානි පූර්ණ වන්දි ගෙවීම් සිදුකර ඇති බව කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා මෙහිදී පැවසීය.
ලොන්නාව නගර සභාවේ සභාපති ධම්මික විජේමුණි මහතා ඇතුළු පලාත් පාලන ආයතන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීහු සහ වන්දිලාභීහු විශාල පිරිසක් එක්ව සිටියහ.
