Spread the love

නිමල් රාජපක්ෂ 

කඩුවෙල ,මහරගම , බත්තරමුල්ල යනාදී ප්‍රදේශවල සිදු කල සෝදිසි මෙහෙයුම් වලදි නිති විරෝධී මත්පැන් පෙරීම් , ළග තබා ගැනීම් හා විදේශිය මත්පැන් විකිණීම සම්බන්ධයෙන් මත්පැන් තෙගයක් සමගින් සැකකරුවන් 19 දෙනෙකු ශ්‍රී ජයවර්ධනපුර සුරාබදු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී .එන්.ඒ . පේමරත්න මහතා සිංහල අවුරුදු සමයට සමගාමීව අප්‍රියෙල් පළමු වැනිදා සිට දියත් කල ග්‍රහන සතියට සමගාමිව මෙම වැටලිම් සිදු කොට තිබේ.
මෙහිදි අත්අඩංගුවට ගත් මැත්පැන් තොගයේ කසිප්පු ස්ප්‍රීතු 60 000 ක්, විදේශීය මත්පැන් මිලි ලීටර් 4000 ක් තිබු බව ශ්‍රී ජයවර්ධනපුර සුරාබදු ස්ථානාධිපති චන්දන කස්තුරිආරච්චි මහතා පවසයි.
අදාල සැකකරුවන් ඉතා රහසිගතව කාලයක් තිස්සේ මත් ජාවාරම සිදු කරන බවත් ,. අවුරුදු දිනවලදි අවශ්‍ය පරිදි නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කර අලෙවි කිරීමට සුදානම් බවත් සැකකරුවන් සුරාබදු නිලධාරීන් ඉදිරියේ පාපොච්ජාරණය කර තිබේ
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිිරියේදී කඩුවෙල , හෝමාගම , ගංගොඩවිල හා අලුත්කඩේ යන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

සහකාර සුරාබදු කොමසාරිස් බස්නාහිර පලාත 1 ජයන්ත සිල්වා මහතාගේ උපදෙස් මත, සුරාබදු අධිකාරී පි.එන් . හේමන්ත මහතාගේ අධික්ෂණය යටතේ , ශ්‍රි ජයවර්ධනපුර සුරාබදු ස්ථානාධිපති චන්දන කස්තුරිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් , සුරාබදු පරික්ෂක ඹ්.ජී .රෝහණ,ලක්මාල් , චාන්දනි , කෝප්‍රල්වරුන්වන නිලන්ත , දේශප්‍රිය ,අරුණ, රාමනායක, රමේෂ්, චරිදු , රියදුරු චමිත් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.