Spread the love

දේවින්ද පිණිදිය

, මන්නාරම එරුක්කලම්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ ඊයේ උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙනවිත් ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ බීඩි කොල කිලෝග්‍රෑම් එක්දහස් දෙසීය අනූ දෙකක (1292) පමණ තොගයක් සමඟ කැබ් රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොල තොගය සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සුරාබදු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.