Spread the love

දෙමාපියන් සහ වැඩිහිටි පිරිසගේ නොසැලකිලිමත්කම නිසා පිරිමි දරුවෙකුට දිවි අහිමි වූ පුවතක් හඟුරන්කෙත ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

මෙම දරුවා පසුගිය 13 වැනිදා කිසිවෙකුත් නොසිතු මොහොතෙක නාගයෙකුගේ දෂ්ට කිරීමකට ලක්ව තිබෙනවා.

එහිදී දෙමාපියන් විසින් දරුවා ප්‍රදේශයේ සිටි සර්පවෙද මහතෙකු සමීපයට ගෙනගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

එම වෙදමහතා විසින් සර්ප විෂ උඩුදිවීම වැලැක්වීම සඳහා දරුවාගේ කකුල රෙදිපටි කැබල්ලකින් ගැටගසා තිබෙනවා.

එලෙස දිනකට ආසන්න කාලයක් එම රෙදිකැබැල්ලෙන්ම දරුවාගේ පාදය ගැටගසා තිබූ අතර පසුව දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරී ඇති බවයි වාර්තා වෙන්නේ.

දෙමාපියන් දරුවා ළගම තිබූ රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කර ඇති අතර දරුවා එහිදී අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ