Spread the love

වසර 76 ක් තට්ටු මාරු ක්‍රමයට සිදුකළ දේශපාලනය තුළ ඔවුන් එකිනෙකා පිට කසා ගත් බවත්, ‍‍‍‍’හොරු ඇල්ලීමක්’ සිදු නොකළ බවත් සිවිල් බුද්ධි පෙරමුණේ ප්‍රියන්ත තිලකරත්න පවසනවා.

තමා හොරුන් ආරක්ෂා කළ බවද, එහි විපාකය තමා අද භුක්ති විඳින බවද, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේ මාධ්‍යයට ප්‍රකාශ කළ බවයි ඔහු පවසා සිටියේ.

අදාළ මුදල අය කර ගැනීමට කටයුතු නොකළේ මන්දැයි තලතා අතුකෝරාළ විසින් මාධ්‍ය සාකච්ඡාවකදී විමසා තිබුණු බවද, ගෙදර රූපවාහිනිය සොරකම් කළ කෙනා එය යළිත් ගෙනවිත් දුන් විට සොරකම අවසන් වන්නේ දැයි ප්‍රශ්න කළ යුතු බවද ඔහු සඳහන් කර සිටියා.

විධායක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වීම නිසා දැන් ‘පහළ’ සිටින අයගේ ‘පශ්චාද් භාගය රත් වී’ ඇති බවත්, ඔවුන් ‘මරු විකල්ලෙන් කියවන’ බවයි ප්‍රියන්ත තිලකරත්න පවසා සිටියේ.