Spread the love

නිමල් රාජපක්ෂ

සැප්තැම්බර් මස 01 වන දින සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලූම වාහනවල සිටින සෑම මගියෙකුම ආසන පටි පැළඳීම අනිවාර්ය වන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

සුරක්‍ෂිත රිය ධාවනයත් මගී ආරක්‍ෂාවත් මූලික කර ගනිමින් ප‍්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ක‍්‍රියාත්මක කරනු ලබන මාර්ග ආරක්‍ෂණ ජාතික වැඩසටහනේ ආසන බඳ පටි පැළඳීමේ අවශ්‍යතාවය පිළිබඳ රථවාහන රියදුරන් සහ මගී ජනතාව දැනුම්වත් කිරීමේ තවත් අදියරක් ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුම් පරිශ‍්‍රයේ දී අද (.25) දින පැවැත්විණ.