Spread the love

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත් , දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වලත් මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.