Spread the love

දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද (15) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව;ත් එයින් කිසිවකුටත් හානියක් සිදුවී නොමැති බවත් දොඩංගොඩ පොලීසිය පවසයි.

වෙඩි ප්‍රහාර හතරක් නිවසේ ජනේලයට එල්ලවී ඇති බවද පොලීසිය වැඩි දුරටත් පැවසුවේය.

කළුතර කොට්ඨාස අපරාධ පරීක්ෂණ නිලධාරීන් පරීක්ෂණ සිදුකරන ලද අතර, විශේෂ කාර්ය බළකා සෙබළුන් ද කැඳවා තිබුණි.

සිද්ධිය පිළිබදච දොඩංගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.