උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල, වවුනියාව, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (01) සවස 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති වෙයි.
බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
