Spread the love

එළඹෙන අප්‍රේල් මස පස්වෙනිදා සමගි ජන සන්ධානය එලි දක්වන බව සමගි ජන බලවේග මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හිටපු ඇමැති සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.

ඒ සඳහා ආණ්ඩුවේ අමාත්‍ය ධූර දරන පිරිසක්ද එක්වීමට කැමැත්ත පළකර තිබෙන බවද පැවසූ ඔහු ඒ ඇතුළු තවත් බොහෝ පිරිසක් තම පක්‍ෂය සමඟ එක්වීමට නියමිත බවත් පැවසීය.

නමුත් දේශපාලන වාසි බලාගෙන කටයුතු කරන පිරිස් පක්ෂයකට එකතු කර ගැනීමට සූදානම් නැතැයිද පක්‍ෂයට එකතු කරගන්නේ ප්‍රතිපත්ති ගරුක පිරිස් පමණක් බවත් හෙතෙම විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

පාවෙන ඡන්ද තම පක්ෂයට හරවා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඉදිරි මැයි දිනයට ඉතිහාසයේ පැමිණි විශාලම සංඛ්‍යාව සම්බන්ධ කරගන්නේ සමගි ජන බලවේගය බවත් හෙතෙම තවදුරටත් පැවසුවේය.