Spread the love

වතු කම්කරුවන් කුඩා තේවතු හිමියන් බවට පත් කිරීම සමගි ජන බලවේගයේ අරමුණ බව එම පක්ෂයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

වතු කම්කරුවන් වෙත ඉඩම් හිමිකම ලබා දී තම ජීවිතය ස්වෝත්සාහයෙන් ගෙනයන කුඩා තේ වතු ප්‍රජාවක් බිහි කරන බවද හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ පැල්මඩුල්ල ප්‍රදේශයේ දී පැවති සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනක් අමතමිනි.

රටට ඩොලර් ගෙන එන වතු ප්‍රජාව වතු කම්කරුවන් ලෙස මෙතෙක් හැදින්වුවද ඉදිරි සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ මෙම ජනතාව උඩරට ප්‍රජාව ලෙස ගෞරවාන්විතව හඳුන්වන බවත් ඔහු කියා සිටියේය.

අදටද ශ්‍රී ලංකාව යම් ප්‍රමාණයකට හෝ හුස්ම ගන්නේ වතු කම්කරු ප්‍රජාව සිදු කරන කැප කිරීම නිසා බවත් හෙතෙම එහිදී තවදුරටත් පැවසීය.