කැළණි ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට මිලිමීටර් 300කට ආසන්න අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් හංවැල්ලට පහළින් පිහිටි පහත් බිම් රැසකට ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
කැළණි ගඟ පිටාර ගැලීමෙන් සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම,බියගම,කඩුවෙල,කොලොන්නාව,කැලණිය,වත්තල,කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් මෙලෙස ගංවතුර අවදානමට ලක්විය හැකි බවය එම දෙපාර්තුමේන්තුව පැවසුවේ.
