ආප්ප කඩ හදන්නා සේ කැසිනෝ ශාලාවල් පිහිටුවීම හරහා ශ්‍රී ලංකාව මුල්‍ය විශුද්ධිකරණයට අත්තටු දීමක් සිදුකර ඇතැයි හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.
මෙවර දේශීය ව්‍යාපාරිකයන්ට වඩා සෘජුවම විදේශික ව්‍යාපාරිකයන්ට මෙය විවෘත කරදී ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.
දැන් පාතාල කල්ලිවල කළු සල්ලි සුදු කිරීමට ඩුබායි යෑමේ උවමනාවක් නැති බවත් ලංකාව ඇතුලේ සිටම එය පහසුවෙන් සිදුකර ගත හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.
