Spread the love

මස්කෙළිය සාමිමලේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් තිදෙනකුගේ පහාර කැමට ලක්වු මන්ද මානසික පුද්ගලයාට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සාමිමලේ ප්‍රදේශයේ පිරිසක් නිහඩ විරෝධථාවයක් 05වන දින පවත්වන ලදි.

සාමිමලේ බස් නැවතුම් පල අසලදි මෙම විරෝධතාවය පැවති අතර මෙම අවස්ථාවට පැමිනි පිරිස් පවසනුයේ සාමිමලේ පදිංචි දුරේයිරාජ් ෂම්මුගනාදන් (අවු 47) යන මන්ද මානසික පුද්ලයාට පසු ගිය 30වන දින එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් තිදෙනකු විසින් කරන ලද පහාර දිමක් මත එම පුද්ගලයා මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කල බවත්ය.

මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කරන ලද එම රෝගියාගේ තත්වය බරපතල බැවින් එම රෝගියා වැඩි දුර ප්‍රථිකාර සදහා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහලටද එම රෝහලින් මහනුවර ශික්ෂණ රෝහලට වෙතද මාරු කර මහනුවර ශික්ෂණ රෝහලින් ප්‍රථිකාර ලබා මේ වන විට නැවත දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහල වෙත රැගෙන විත් ප්‍රථිකාර ලබන බවත්ය.

මෙම මන්ද මානසික පුද්ගලයාට පහර දුන් ව්‍යාපාරිකයන් තිදෙනා මස්කෙළිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරි‍මෙන් පසු ඇප මත මුදා හැර ඇති බවත් මෙසේ පහර කැමට ලක්වු මන්ද මානසික පුද්ගලයාට නිසි ලෙස යුක්තිය ඉටු කරන ලෙස තමන් ඉල්ලා සිටින බවද එම උද්ගෝෂකයන් වැඩි දුරටත් පවසති.