දකුණු පළාත් අන්තර් .
බාලිකා රන් කුසලානය සවුත්ලන්ඩ් විදුහලට.
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය අධ්‍යාපන කලාප බල ප්‍රදේශයට අයත් ගා/නියාගම විජිත මධ්‍ය මහා විද්‍යාලයීය හොකී සංගමය දකුණු පළාතේ ප්රමුඛ පාසල් රැසක් සම්බන්ධ කර ගනිමින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ දැවැන්ත හොකී තරගාවලිය සහ සැණකෙළිය පසුගියදා නියාගම වෘත්තීය පුහුණු ක්‍රීඩාංගණයේ දී ඉතා සාර්ථකව පවත්වන ලදි.
දින 03 ක් පුරා පැවැති මෙම තරඟාවලිය සදහා දකුණු පළාතේ පාසල් 15 ක් නියෝජනය කරමින් 14 න් පහළ බාලක, බාලිකා හොකී කණ්ඩායම් 20 ක තරඟකරුවන් 400 ක් පමණ සහභාගි විය.
මෙම තරගාවලියේ “ඒ” කාණ්ඩයේ බාලක රන් කුසලානය ගාල්ල මේදංකර විද්‍යාලයත්, “බී” කාණ්ඩයේ බාලක රන් කුසලානය ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයත් දිනාගත් අතර, බාලිකා රන් කුසලානය ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාල හිමිකර ගන්නා ලදි.
මෙම තරඟාවලියේ දක්ෂතම දැල් රකින්නිය ලෙස නියාගම විජිත මධ්‍ය මහා විද්‍යාලයේ උමායා ඉසුරි සිසුවිය සහ දක්ෂතම දැල් රකින්නා ලෙස නියාගම විජිත මධ්‍ය මහා විද්‍යාලයේ හෙසර ලිතුම් සිසුසිසුවියන් කුසලාන සහතික පත් ලබාන්නා ලදි.
ක්‍රීඩා සමාජ ප්‍රදර්ශණ හොකී තරඟාවලියේ ජය යුධ හමුදා කේට්රියන්ස් කණ්ඩායම දිනා ගන්නා ලදි.
හ.
