නිමල් රාජපක්ෂ –
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ පැය තුනක් ඇතුළත සිදු කළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදී දුම්රියේ කිසිදු ප්‍රවේශපත්‍රයක් නොමැතිව ගමන් කළ මගීන් 55 දෙදෙකු කොටුව දුම්රිය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මගීන් අතර කාර්යාල බලා ගමන් ගන්නා කාන්තාවන් 30 දෙනෙකු සිටි බව කොටුව දුමරිය ආරක්ෂක සේවයේ කාර්යභාර නිලධාරී( ස්ථානාධිපති) ජේ. කුමාරසිංහ මහතා පවසයි.
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ ඊයේ (18) පෙරවරු 6.00 සිට 9.00 දක්වා පැය තුනක කාලයක් ප්‍රවේශපත්‍ර පරික්ෂාව සිදු කළ අතර එහිදී දුම්රිය ස්ථානයෙන් බැස යන මගින්ගෙන් බොහොමයක්ම ප්‍රවේශපත්‍ර නොමැතිව හොරට ගමන් කිරිමේදී කොටු කර ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරින් සමත්වී ඇත.
මෙහිදී අත්අඩංගුවට ගත් මගීන් 55 දෙනාගෙන් 48 දෙනෙකුගෙන් ඒ මොහොතේම රුපියල් එක්ලක්ෂ හතළිස් පන්දාස් නවසිය විස්සක (1 45 920/) දඩ මුදලක් අයකර ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමත්වී ඇත.
දිගින් දිගටම ප්‍රවේශපත්‍ර පරික්ෂා කිරිම් දුම්රියයන්තුළ හා දුම්රිය ස්ථාවල සිදු කරන බැවින් ප්‍රවේශපත්‍ර නොමැතිව හා ඉහළ පංතියේ ගමන් කරන මගීන් හට කිසිදු සමාවක් නොදෙන බවත් දඩමුදල් නොගෙවන්නන් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් දුම්රිය ආරක්ෂක නිලධාරින් පවසයි .
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත, සහකාර අධිකාරී එන්.පි. ජයන්ත මහතාගේ අධීක්ෂණය යටතේ .කොටුව දුම්රිය ආරක්ෂක සේවයේ කාර්ය භාර නිලධාරි ජයසේකර කුමාරසිංහ මහතාගේ මෙහෙයවිමෙන් දුම්රිය ආරක්ෂක නිලධාරීන්හා නිලධාරිනියන් තිස් දෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙම ප්‍රවේශපත්‍ර පරික්ෂාව සිදු කළහ.
