Spread the love

නිමල් රාජපක්ෂ
කොළඹ කොටුවේ දුම්රිය ස්ථානයෙන් පස්වරු 4.55 ට පොල්ගහවෙල බලා ධාවනයවු කාර්යාල සීඝ්‍රගාමී දුම්රිය එඩේරමුල්ල දුම්රිය ස්ථානය පසුකරද්දී මීට සුළු මොහොතකට කළින් දුම්රිය මැදිරිවලින් එංජිම ගැලවී ධාවනය වී ඇත..
මැදිරි එඩේරමුල්ල දුම්රිය ස්ථානයේ දුම්රිය හරස් මාර්ගය හරහා නතර වීමත් සමගින් විශාල රථවාහන තදබදයක්ද ඇතිවී තිබේ. මේ හේතුව නිසා කාර්යාල වල සිට නිවෙස් බලා ගමන් ගන්නා මගින් දැඩි අපහසුතාවය කට පත්වී මැසිවිලි නගති .
ප්‍රධාන මාර්ගයේ ධාවනය වන සියළුම දුමරියයන් තුන්වන මාර්ගය ඹස්සේ ධාවනය කිිරීම නිසා සියළුම දුම්රියය දුම්රියයන් ප්‍රමාදවී ධාවන කෙරේ.
පොල්ගහවෙල බලා ධාවනයවු සීඝ්‍රගාමි කාර්යාල දුම්රියේ ගැලවී ගිය එංජිම මීටර් ගනණාවක් දුර ගොස් නතරවී ඇති අතර එම එංජිම ආපසු පැමිණ මේ මොහොත වනවිට මැදිරිවලට අමුණමින් සිටින බවද දුම්රිය දෙපාර්තුමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියකු පැවසුවේය.