නිමල් රාජපක්ෂ
පොහොය දින(12) හපුතලේ , ඇල්ල යන සංචාරක කලාපවල හා කෑගල්ල මාවනැල්ල යන ප්‍රදේශවල කල සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධී ලෙස මත්පැන් ජාවාරමේ නිරත සැකකරුවන් 15 දෙනෙකු මහනුවර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සෝදිසි මෙහෙයුමේදී කෑගල්ල හා මාවනැල්ල ප්‍රදේශයෙන් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර දෙකක්ද කොටු කර ගැනීමට සමත්වු බව මහනුවර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති සරත් ජයවීර මහතා පවසයි.
මෙහිදී සීමා ඉක්මවා රජයේ අරක්කු ළග තබා ගත් පුද්ගලයකුද සෝදිසි මෙහෙයුමේදි කොටු කර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වු අතර ඇල්ල සංචාරක කලාපයේ බලපත්‍ර නොමැතිව වැඩි මිලට බියර් අලෙවි කල සැකකරුවන් 13 දෙනෙකුද අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින බව සරත් ජයවීර මහතා වැඩි දුරටත් පැවසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සුරාබදු ඇප මත මුදා හැර ඇති අතර ඉදිරියේදී බණ්ඩාරවෙල හා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජෙනරාල් උදය කුමාර පෙරේරා මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර හා මධ්‍යපලාත් සුරාබදු අධිකාරි ජානක පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ , මධ්‍යම පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති සරත් ජයවීර මහතාගේ මෙහෙයවීමෙන් , පරික්ෂක කැකුලන්දර , සැරයන්වරුන්වන 821 චන්දන , 768 මංජුල, කෝප්‍රල් වරුන්වන අල්විස් , 947 සිල්වා ,979 බණ්ඩාර, 1150 අසංක, නියාමක වරන්වන 1089 බක්මීදෙණිය, රෝහන , බුද්ධික යන නිලධාරීහු මෙම වැටලීම් සිදු කළහ.
