දුරුතු පොහෝ දින බලපත්‍රයක් නොමැතිව රජයේ අනුමත රා වැඩි මිලකට වතු කම්කරුවන්ට අලෙවි කල සැකකරුවෙකු බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් වතුයායේ වතු නිවාස පේලියක පදිංචි සැකකරු ඔහු පදිංචි නිවසට යාබද පිහිටි වෙනත් නිවසක රා බෝතල් සගවා ඉතා සුක්ෂම ලෙස වැඩි මිලට වතු කම්කරුවන් අලෙවි කරන බවට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර සැකකරු සහ අලෙවි කිරිමට තිබු රා බෝතල් 24 ක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලිසියේ නිලධාරින් පැවසිය
