Spread the love

මුල්කිරිගල ගුණරත්න

කටුවන නගරයේ කටුවන ජාතික ඉතිරි කිරීම් බැංකුව ඉදිරිපිට ඇති ප්‍රාදේශිය සභා පුස්තකාල ගොඩනැගිල්ල කඩා වැටීමේ අවධානමකට පත්ව ඇතැයි ප්‍රදේශ වාසිහු පවසති.
මෙම පුස්තකාල ගොඩනැගිල්ල අවුරුදු ගාණකින් අලුත්වැඩියා කර නොමැති අතර බිත්ති ඉරිත⁣තලා වහලේ කොටසක සෙවලි කල තහඩු සුළඟට ගොස් ඇති අතර අධික වර්ෂා දිනවල දී පුස්තකාලයේ ඇතුළත වැසි ජලයෙන් පිරී පවතී.
මේ හේතුව නිසා එහි සේවකයන් සහ පාඨකයින්ට දැඩි අපහසුතාවයකට මුහුණ පාමට සිදුව ඇත.
මෙම පුස්තකාලයට සිසු දරුවන් මෙන්ම රජයේ සේවකයින්ද මෙම පුස්තකාලයෙන් ප්‍රයෝජන ගන්නා අතර පොත් පරිහරණය කරන්නන්හට අවධානමක් පවතිනු ඇත. මෙම පුස්තකාල ගොඩනැගිල්ල අලුත් වැඩියා කිරිමට පියවර ගන්නා ලෙස වගකිවයුතක්තන්ගේ හා කටුවන ප්‍රාදේශීය ලේකම් තුමාගේ අවධානය යොමු කරන්නැයි ඉල්ලා සිටී.