ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් ලබන ජූලි මස 04 වන දා පටන් බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව දන්වා ඇත්තේ 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ බවයි.
එහෙත් ඉන්ධන මිල සූත්‍රය මත මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ නිසා ඉන්ධන මිල ගැළපීමෙන් අනතුරුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කර ඇති බව පවසයි.
එසේම එම කොමිෂන් සභාව ප්‍රකාශ කළේ අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවයි.
එනිසා ලබන ජූලි මස 04 වන දා මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වන බවද එම නිවේදනයේ සඳහන්
