හලාවත – පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලම ආසන්නයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අද(04) දහවල් 11.30ට පමණ මෙම අනතුරක් සිදුවී ඇත.
අනතුරින් තුවාල ලබූවන් ප්රතිකාර සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ පේදුරුතුඩුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයකි.
මෙම අනතුර හේතුවෙන් හලාවත – පුත්තලම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ලවී තිබුණි.
