Spread the love

නාරම්මල කුරුණෑගල මාර්ගයේ නාරම්මල නගරය ආසන්නයේදී අද (05) සිදුවූ බස්රථ අනතුරකින් තිදෙනකු මිය‍ගොස් තවත් තිදෙනකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සදහා අතුලු කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි..

කුරුණෑගල දෙස සිට නාරම්මල දෙසට ධාවනය වූ ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ දකුණු පසට ඇදී ගොස් කටුනායක සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් ලොරි රථයේ ගමන් කළ රියදුරු, පිරිමි පුද්ගලයකු, කාන්තාවන් දෙදෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු තුවාල ලබා නාරම්මල හා කුරුණෑගල රෝහල් වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව ලොරි රථයේ රියදුරු එහි ගමන් කළ පිරිමි පුද්ගලයකු හා කාන්තාවක් මියගොස් තිබුණා.